උග්‍ර ශ්‍රම හිඟයත් සමඟ ඉතාලියේ රැකියා කෝටා ලක්ෂ පහක්

උග්‍ර ශ්‍රම හිඟයක් සමඟ පොරබදමින් සිටින ඉතාලිය, වසර තුනක (2026–2028) සංක්‍රමණික කෝටාව ලෙස ශ්‍රමිකයින් 500,000ක් බඳවා ගැනීම හරහා තම ආර්ථිකය පරිවර්තනය කිරීම අරමුණු කරගත් සංක්‍රමණ ප්‍රතිපත්තියක් එළිදක්වා තිබෙනවා.

අක්‍රමවත් සංක්‍රමණ මැඩපැවැත්වීමේ දී ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතා සමඟ සංක්‍රමණ ප්‍රවාහයන් පෙළගැස්වීම සඳහා නිර්මාණය කර ඇති මෙම ප්‍රතිපත්තිය, ශ්‍රම බලකායේ ව්‍යාප්තිය මත යැපෙන අංශ සඳහා තීරණාත්මක ආයෝජන අවස්ථාවක් ඉදිරිපත් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉතාලියේ වයස්ගත ජනගහනය සහ දශක ගණනාවක අඩු උපත් අනුපාත හේතුවෙන් ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ තාක්ෂණය වැනි අංශ සඳහා ශ්‍රම හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, හේතුවෙන් 2026–2028 කෝටාව, මුළු සංක්‍රමණිකයන් 500,000 ඉතාලියට ගෙන්වා ගැනීමට නියමිත අතර, ඒ අනුව
2026 වසරේ දී සංක්‍රමණිකයින් 164,850ක්, 2027 වසරේ දී සංක්‍රමණිකයින් 165,850 සහ 2028 වසරේ දී සංක්‍රමණිකයින් 166,850ක් වශයෙන් ගෙන්වා ගැනීමයි සැලස්ම වී ඇත්තේ.

කෝටාව පහත පරිදි බෙදා ඇත,
ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සහ පුහුණු වෘත්තීන් සඳහා වාර්ෂිකව 76,850 (උදා: විදුලි කාර්මිකයන්, ජලනල කාර්මිකයන්).
කෘෂිකර්මාන්තය සහ සංචාරක කටයුතු සඳහා 88,000 – 90,000.
වැඩිහිටි/ආබාධිත සත්කාර හිඟයන් විසඳීම සඳහා ගෘහ සහායකයින්/රැකබලා ගන්නන් 13,600 -14,200

මේ අතර ජනගහණය වයස් ගතවීම සහ උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් යුරෝපයේ තෙවැනි විශාලතම ආර්ථිකය හිමි ඉතාලියට විදේශීය ශ්‍රමිකයන් අවශ්‍ය වී තිබෙනවා.

ඉතාලියේ ජනගහණය මේ වනවිට මිලියන 60කට ආසන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
440
+1
14
+1
168
+1
16
+1
15
+1
26
+1
32
Subscribe
Notify of
67 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51


?