මේ වන විට සක්‍රීය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමග ඇති විය හැකි ආපදාවන්ට සූදානම් වීම සඳහා සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී රැස්වීමක් සංවිධානය කර තිබුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.
පසුගිය දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදාවන් සහ ඒවාට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ඇතිවිය හැකි තත්ත්වයත් සමඟ විභාග පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.
මෙම රැස්වීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊසාන දිග මෝසමෙන් බලපෑම් එල්ලවිය හැකි දිස්ත්‍රික්ක 14 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවල සම්බන්ධීකරණය සහ ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙම රැස්වීම පවත් වූ බවයි.















