AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රධාන හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් මරුට

ලෙබනන් අගනුවර වන බේරූට් වෙත ඊයේ (20) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියෙක් වූ ඊබ්‍රාහිම් අකිල් වන අතර තවත් නායකයින් කිහිප දෙනෙකුම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබුණා.

ලෙබනන් නිලධාරීන් කියා සිටින්නේ, ඉරානයේ බලකොටුවක් වන ජනාකීර්ණ ඩහී ප්‍රදේශයට සිදු කළ මෙම පහරදීම මගින් පුද්ගලයින් 14ක් මියගොස් ඇති බවයි.

තුවාලකරුවන් තවදුරටත් සුන්බුන් අතර සිර වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අතර නේවාසික ගොඩනැගිල්ලක් ද මෙම ප්‍රහාරය හේතුවෙන් කඩා වැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?