ඊශ්‍රායල ගැටුම්වල දී ශ්‍රී ලාංකික කතක් වෙඩිතබා ඝාතනය කරලා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් පසු අතුරුදන් බවට වාර්තා පළ වූ ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැකකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා පවසනවා.

සමාජ මාධ්‍ය හා ලැබුණු තොරතුරු මත එම කාන්තාවට වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බවයි ඔහු අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර එම කාන්තාවගේ මෘත දේහය තිබෙන ප්‍රදේශය වෙත යෑමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට තවමත් හැකියාවක් ලැබී නොමැති බවත්, ඒ සඳහා ඉල්ලීම් කර ඇති බවත් ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

ඒ, අනුව අදාළ මෘත දේහය හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්තාව මිය ගොස් ඇති බවට සහතිකයක් නිකුත් කළ හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අදාළ කාන්තාව 2022 වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යටතේ අවසන් වරට විදෙස් ගත වී ඇති බවට වාර්තා වනවා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසු වූ ඇය සාත්තු සේවය සඳහා ඊශ්‍රායලයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායලය තුළ පවතින නීති රීතිවලට අනුකූලව රාජතාන්ත්‍රික මැදිහත්වීම මත මියගිය බවට සැකකරන කාන්තාවගේ දේහය මෙරටට ගෙන ඒමට බලාපොරොත්තුවන බව මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විදෙස් සේවා නියුක්ති කාර්යාංශය ලෙස ඇයට හිමිවිය යුතු සියලුම රක්ෂණ හා වන්දි ගෙවීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
8
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10