ඊශ්‍රායල් ජාතික යතුරුපැදිකරු කැබ් රථයේ ගැටී නාවලපිටිය රෝහලේ

ඊශ්‍රයල් ජාතිකයෙක් ගමන් ගත් යතුරුපැදියක් කැබ් රථයක ගැටිමෙන් ඊශ්‍රයල් ජාතික යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසනවා.

අද (07) දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ හරංගල මංසන්ධියෙදීයි.

තුවාල ලැබු ඊශ්‍රයල් ජාතිකයා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග දිවයිනේ සංචාරයක් සදහා පැමිණ යතුරුපැදි 03කින් වැලිගම සිට කුලී පදනම මත ලබා ගත් යතුරුපැදි තුනකින් මහනුවර, නුවරඑලිය හරහා ඇල්ල දක්වා යතුරුපැදි ධාවනය කරවන අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වූ එක් යතුරුපැදියක් වේගය පාලනයකර ගත නොහැකිව, ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයක් දෙසට ධාවනය කළ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ නිළධාරියෙකු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !