ඊශ්‍රායලය ට්‍රම්ප්ගේ සටන් විරාමයට හා කියයි – හැබැයි උල්ලංඝනය කළොත් ගහනවා

ට්‍රම්ප්ගේ ද්විපාර්ශ්වික සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලය එකඟ වී ඇති බව නෙතන්යාහුගේ කාර්යාලය අද (24) උදෑසන (දේශීය වේලාවෙන්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

NBC පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායලයේ අගමැති කාර්‍යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව;

“ආරක්ෂක කටයුතු සඳහා සහ ඉරාන න්‍යෂ්ටික තර්ජනය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වයට” ට්‍රම්ප් සහ එක්සත් ජනපදයට ස්තුති කරමින්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කරගත් ප්‍රහාරයේ “අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා” ඊශ්‍රායලයට සටන් විරාමයට එකඟ විය හැකියි” යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි.

නමුත් කිසියම් අවස්ථාවක දී ඉරානය විසින් ඕනෑම සටන් විරාමයක් උල්ලංඝනය කිරීමකට එරෙහිව ඊශ්‍රායලය ‘ බලහත්කාරයෙන්’ ඉක්මන් ප්‍රතිචාර දක්වනු ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

නෙතන්යාහු අද දිනය අවසන් වීමට පෙර සටන් විරාමය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ.

ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” ලෙසයි.

දින 12 ක පමණ සටනකින් පසු ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වීම සිදු කෙරුණා.

මේ අතර ගාසා තීරයේ සිදුවන යුද ගැටුම් නතර කරන ලෙසට ඊශ්‍රායලය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊශ්‍රායල විපක්ෂ නායක යායර් ලැපිඩ් මහතා ඉල්ලා ඇත්තේ වහාම ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නතර කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?