ඊශ්‍රායලය ට්‍රම්ප්ගේ සටන් විරාමයට හා කියයි – හැබැයි උල්ලංඝනය කළොත් ගහනවා

ට්‍රම්ප්ගේ ද්විපාර්ශ්වික සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලය එකඟ වී ඇති බව නෙතන්යාහුගේ කාර්යාලය අද (24) උදෑසන (දේශීය වේලාවෙන්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

NBC පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායලයේ අගමැති කාර්‍යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව;

“ආරක්ෂක කටයුතු සඳහා සහ ඉරාන න්‍යෂ්ටික තර්ජනය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වයට” ට්‍රම්ප් සහ එක්සත් ජනපදයට ස්තුති කරමින්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කරගත් ප්‍රහාරයේ “අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා” ඊශ්‍රායලයට සටන් විරාමයට එකඟ විය හැකියි” යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි.

නමුත් කිසියම් අවස්ථාවක දී ඉරානය විසින් ඕනෑම සටන් විරාමයක් උල්ලංඝනය කිරීමකට එරෙහිව ඊශ්‍රායලය ‘ බලහත්කාරයෙන්’ ඉක්මන් ප්‍රතිචාර දක්වනු ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

නෙතන්යාහු අද දිනය අවසන් වීමට පෙර සටන් විරාමය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ.

ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” ලෙසයි.

දින 12 ක පමණ සටනකින් පසු ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වීම සිදු කෙරුණා.

මේ අතර ගාසා තීරයේ සිදුවන යුද ගැටුම් නතර කරන ලෙසට ඊශ්‍රායලය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊශ්‍රායල විපක්ෂ නායක යායර් ලැපිඩ් මහතා ඉල්ලා ඇත්තේ වහාම ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නතර කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35