ඊශ්‍රායල සොල්දාදුවන් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වන ආකාරයෙන් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
එම සොල්දාදුවන් මෙලෙස විනෝද වන්නේ පලස්තීන නිවාසවලින් සොයාගත් කාන්තා යට ඇඳුම් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .
මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් එහි සාගතයක් පවා නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළයි.
ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ ඇති අප්‍රසාදය තවත් තීව්‍ර කිරීම මෙම වීඩියෝව තුලින් සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ එවැනි ඡායාරූප පළ කිරීම පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් බවයි.













