ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000 ක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමට ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණික ආයතනය එකඟතාව පළකර තිබෙනවා.

එම ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason,ඇතුළු දූත පිරිසක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මුණ ගැසුණු අවස්ථාවේ මේ බව දැනුම් දී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පැවති මෙම හමුවේදී ඊශ්‍රායලයේ රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බැවින් පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසටයි නියෝජිත කණ්ඩායම ඇමතිවරයාට දැනුම් දී තිබෙනවා.

සාත්තු සේවක රැකියා සදහා බදවා ගැනිමේදී එම සේවා සදහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇත්ද යන්න,ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය,වෘත්තීමය වශයෙන් ලබාගෙන ඇති පුහුණුව ආදී කරුණු පිළිබදව වැඩි අවධානයක් යොමු විය යුතු බව අදාළ නියෝජිතය කණ්ඩායම දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම වසරකම ඊශ්‍රායලය, රැකියා අවස්ථා අටදහසක් පමණ ලබාදීමට සූදානම් බවයි ඊශ්‍රායල නියෝජිත පිරිස වැඩි දුරටත් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10