ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන්නා මරුට

ඊශ්‍රායලයේ ගුවන් හමුදාව එල්ල කළ ජෙට් යානා ප්‍රහාරයකින් ගාසා තීරයේ කඳවුරු අටවාගෙන සිටි හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ; ඊයේ රාත්‍රියේ දී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට ද ප්‍රහාර එල්ල කළ බවයි.

එම ප්‍රහාරයෙන් පසුවයි හමාස් සංවිධානයේ ඉහළ නිලධාරීන් රැඳී සිටි කඳවුරකට ද ප්‍රහාර එල්ල කර ඇත්තේ.

එහිදී නිලධාරියාට අමතර ව සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීනුවන් අවම වශයෙන් 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් වාර්තා වී තිබෙනවා.

ඊට අමතර ව වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පලස්‍තීනය පවතින රෝහල්වල කොරිඩෝ දිගේ පවා වෙන වෙන ම ප්‍රතිකාර ඒකක පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා.

පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල සිවිල් වැසියන්ට ඔක්තෝබර් 7වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීම සහ
ඉන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීම හේතුවෙන්’ ඊට පළිගැනීමක් වශයෙන් මෙම දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු පැවසුවේ ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන ජබාලියා වෙත ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ ප්‍රහාරයෙන් ඊබ්‍රාහිම් බියරි නමැති හමාස් අණදෙන නිලධාරියා මියගිය බවයි.

එමෙන්ම මෙම යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙසට මියගිය අණදෙන නිලධාරියාව හැඳින්විය හැකි බව ද, ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ඊසාන දිග ප්‍රහාරයේ සැලසුම් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම බියරි විසින් සිදු කරනු ලැබීම නිසා ඔහුට මෙම ඉරණම අත් වූ බව ද, ඊශ්‍රායලයේ ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රික්ස් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?