ඊශ්‍රායලයෙන් ‘අයන් බීම්’ නමින් නව මිසයිල ආරක්ෂක පද්ධතියක්

ඊශ්‍රායලය විසින් තම ගුවන් කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් නව මිසයිල ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘අයන් බීම්’ ලෙස නම්කර ඇති මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය වර්තමානයේ ඊශ්‍රායලය භාවිත කරන අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියට වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

අධිබලැති ලේසර් කිරණ භාවිත කරමින් ප්‍රහාර එල්ල කළ හැකි මෙම ආරක්ෂක පද්ධතිය මඟින් සතුරු මිසයිල, ගුවන් යානා, ඇතුළු ගුවනින් සිදුකරන ආක්‍රමණවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ඩොලර් මිලියන 500කට වැඩි පිරිවැයක් දරමින් මෙම නව නිර්මාණය සිදුකරනු ලබන්නේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය නිර්මාණය කළ නිර්මාණකරුවන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වසරක් තුළ මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුනවාදීමට කටයුතු කරන බව පැවසූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය, මෙය යුද්ධයේ නව යුගයක් බවයි පවසා සිටියේ.

මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතියට මීටර් සිය ගණනක සිට කිලෝමීටර් කිහිපයක් දක්වා ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යුද්ධයේ දී අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වැයවන පිරිවැයට වඩා අඩු පිරිවැයක් ‘අයන් බීම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දැරීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?