ඊශ්‍රායලයට පනින්න ගිය තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ගැන තොරතුරු එළියට

දේශසීමා හරහා ජෝර්දානය සිට ඊශ්‍රායලයට සංක්‍රමණයවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් නීති නිලධාරීන්ට හසුවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් පවසනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා පසුගිය ඔක්තෝම්බර් 07 වනදා මෙරට දේශසීමා හරහා සංක්‍රමණයවීමට උත්සාහ කළ අවස්ථාවේ දී නීති නිලධාරීන්ට හසුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

එම ශ්‍රී ලාංකිකයින් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව ද ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර යුද්ධය අතර තුර ජෝර්දානය සිට ඊශ්‍රායලයට සංක්‍රමණයවීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංක්කික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව ද පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

ඔවුන් දෙදෙනා ඊශ්‍රායලය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යළි ජෝර්දානය වෙත පිටුවහල් කළ බවට පසුව අනාවරණය වුණා.

මෙලෙස නීති විරෝධීව දේශසීමා තරණය කරමින් තවත් රටකට යෑම ඉතා බරපතළ චෝදනාවක් බවත්, යුධමය තත්ත්වයක් පවතින රටකට මෙලෙස ඇතුළුවීමේ දී ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සළකමින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩි ඉඩක් පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?