ඊශ්‍රායලයට පනින්න ගිය තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ගැන තොරතුරු එළියට

දේශසීමා හරහා ජෝර්දානය සිට ඊශ්‍රායලයට සංක්‍රමණයවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් නීති නිලධාරීන්ට හසුවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් පවසනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා පසුගිය ඔක්තෝම්බර් 07 වනදා මෙරට දේශසීමා හරහා සංක්‍රමණයවීමට උත්සාහ කළ අවස්ථාවේ දී නීති නිලධාරීන්ට හසුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

එම ශ්‍රී ලාංකිකයින් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව ද ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර යුද්ධය අතර තුර ජෝර්දානය සිට ඊශ්‍රායලයට සංක්‍රමණයවීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංක්කික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව ද පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

ඔවුන් දෙදෙනා ඊශ්‍රායලය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යළි ජෝර්දානය වෙත පිටුවහල් කළ බවට පසුව අනාවරණය වුණා.

මෙලෙස නීති විරෝධීව දේශසීමා තරණය කරමින් තවත් රටකට යෑම ඉතා බරපතළ චෝදනාවක් බවත්, යුධමය තත්ත්වයක් පවතින රටකට මෙලෙස ඇතුළුවීමේ දී ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සළකමින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩි ඉඩක් පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50