logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඊයේ රෑ බැස්සට තාම කඩන්නෙ පරණ ටිකට් – මගීන්ගෙන් චෝදනාවක් (වීඩියෝ)

අවම බස් ගාස්තුව රුපියල් 28 ක් වන පරිදි ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වුව ද බොහෝ මගී ප්‍රවාහන සේවාවන්වල ගාස්තු අඩු කිරීමක් සිදු වී නොමැති බවට මගීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේ බස් ගාස්තු අඩු නොකල බස් රථ සම්බන්ධයෙන් 1955 දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙසයි.

සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනයට සමගාමී ව ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

නව බස් ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කෙරුනු අතර ඒ අනුව රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනය ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක නොවූ බවයි මගීන් පැවසුවේ

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පවසන්නේ ගාස්තු සංශෝධන ලැයිස්තුව මේ වන තෙක් ලිඛිතව තමන්ට ලැබී නොමැති බවයි

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බැවින් ගාස්තු වැඩිපුර අයකරන්නේ නම් 1955 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?