ඊයේ රෑ බැස්සට තාම කඩන්නෙ පරණ ටිකට් – මගීන්ගෙන් චෝදනාවක් (වීඩියෝ)

අවම බස් ගාස්තුව රුපියල් 28 ක් වන පරිදි ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වුව ද බොහෝ මගී ප්‍රවාහන සේවාවන්වල ගාස්තු අඩු කිරීමක් සිදු වී නොමැති බවට මගීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේ බස් ගාස්තු අඩු නොකල බස් රථ සම්බන්ධයෙන් 1955 දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙසයි.

සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනයට සමගාමී ව ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

නව බස් ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කෙරුනු අතර ඒ අනුව රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනය ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක නොවූ බවයි මගීන් පැවසුවේ

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පවසන්නේ ගාස්තු සංශෝධන ලැයිස්තුව මේ වන තෙක් ලිඛිතව තමන්ට ලැබී නොමැති බවයි

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බැවින් ගාස්තු වැඩිපුර අයකරන්නේ නම් 1955 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10