සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ඊයේ (12 වැනිදා) දිනය ඇතුළත පවුල් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවකට ලබා දීමට කටයුතු කර ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි ‘අරුණ‘ට පැවසුවේ දිවයින පුරා පවුල් ලක්ෂ 30ක් වෙනුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් බෙදා දීමට වෙන් කර ඇති රුපියල් මිලියන 15000ක (රුපියල් කෝටි 1500ක) මුදලින් රුපියල් මිලියන 6000කට ආසන්න මුදලක් සමෘද්ධි බැංකු සහ සමෘද්ධි නිලධාරීන් මගින් ඊයේ (12 වැනිදා) දිනයේ බෙදා දුන් බවයි.
‘‘පළමු වටයේ දී අපි පන්දහසේ දීමනාව ලබා දෙන්නේ සමෘද්ධි ලාභීන්ටයි. සමෘද්ධි ලාභීන්ට ලබා දීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම්වලට දීමනාව ලබා දීම සිදු කෙරනවා. තෝරා ගෙන ඇති කිසිම කණ්ඩායමකට දීමනාව නොලැබී යන්නේ නැහැ. මොකද කොරෝනා වකවානුවේ පසුගිය වර පන්දහසේ දීමනාව ලබා දීමේ දී සකස් කළ නාම ලේඛන සියල්ල අප සතුව තිබෙනවා.
අද (12 වැනිදා) දිනයේ අපි වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කළා. කොහොම වුණත් ඇතැම් ස්ථානවල යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වුණා. මොකද සමෘද්ධි බැංකුවල කළමනාකරුවන් ඒ මුදල් රැගෙන ගියේ 12 වැනිදා උදේ. සමෘද්ධි නිලධාරීන්ට අමතරව අවශ්‍යතාව මත ක්ෂේත්‍ර නිලධාරීන්වත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලබා දීලයි තියෙන්නේ. අපි අද (13 වැනිදා) දිනයේත් ඉතිරි පවුල් සඳහා දීමනාව ලබා දෙනවා. යම්හෙයකින් මේ දින දෙකේ දීමනාව ලබා ගැනීමට යමෙකුට නොහැකි වුණොත් අලුත් අවුරුද්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම එය ලබා ගන්න පුළුවන් යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
නයන තරංග ගමගේ














