ඊයේ දිනය ඇතුළත ලක්ෂ 12කට රු. 5000 බෙදයි

සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ඊයේ (12 වැනිදා) දිනය ඇතුළත පවුල් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවකට ලබා දීමට කටයුතු කර ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි ‘අරුණ‘ට පැවසුවේ දිවයින පුරා පවුල් ලක්ෂ 30ක් වෙනුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් බෙදා දීමට වෙන් කර ඇති රුපියල් මිලියන 15000ක (රුපියල් කෝටි 1500ක) මුදලින් රුපියල් මිලියන 6000කට ආසන්න මුදලක් සමෘද්ධි බැංකු සහ සමෘද්ධි නිලධාරීන් මගින් ඊයේ (12 වැනිදා) දිනයේ බෙදා දුන් බවයි.

‘‘පළමු වටයේ දී අපි පන්දහසේ දීමනාව ලබා දෙන්නේ සමෘද්ධි ලාභීන්ටයි. සමෘද්ධි ලාභීන්ට ලබා දීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම්වලට දීමනාව ලබා දීම සිදු කෙරනවා. තෝරා ගෙන ඇති කිසිම කණ්ඩායමකට දීමනාව නොලැබී යන්නේ නැහැ. මොකද කොරෝනා වකවානුවේ පසුගිය වර පන්දහසේ දීමනාව ලබා දීමේ දී සකස් කළ නාම ලේඛන සියල්ල අප සතුව තිබෙනවා.

අද (12 වැනිදා) දිනයේ අපි වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කළා. කොහොම වුණත් ඇතැම් ස්ථානවල යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වුණා. මොකද සමෘද්ධි බැංකුවල කළමනාකරුවන් ඒ මුදල් රැගෙන ගියේ 12 වැනිදා උදේ. සමෘද්ධි නිලධාරීන්ට අමතරව අවශ්‍යතාව මත ක්ෂේත්‍ර නිලධාරීන්වත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලබා දීලයි තියෙන්නේ. අපි අද (13 වැනිදා) දිනයේත් ඉතිරි පවුල් සඳහා දීමනාව ලබා දෙනවා. යම්හෙයකින් මේ දින දෙකේ දීමනාව ලබා ගැනීමට යමෙකුට නොහැකි වුණොත් අලුත් අවුරුද්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම එය ලබා ගන්න පුළුවන් යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09