ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු Adel Ibrahim මහතා අද (27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඔහුව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔවුන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කේන්ද්‍ර කරගත් සුහද සාකච්ඡාවක නිරත වූ බවයි.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය හරහා අධ්‍යයන හා වෘත්තීමය දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වුණා.

ආරක්‍ෂක ක්‍ෂ්ත්‍රයේ අධ්‍යයන කටයුතු, ධාරිතා වර්ධනය සහ ජාත්‍යන්තර හමුදා පුහුණු වැඩසටහන් යන ක්‍ෂ්ත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළා.

දෙරට අතර, ගැඹුරු අවබෝධයක් සහ සහයෝගීතාවයක් වර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලෙස ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙහි ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයනයේ වැදගත්කම ද, ඔවුන්ගේ අවධානයට ලක් වුණා.

දෙරට අතර ආරක්‍ෂක සබඳතා තරකිරීම සඳහා ඊජිප්තු රාජ්‍යයේ කැපවීම සබැඳි කරුණු තානාපති Ibrahim මහතා ප්‍රකාශ කළ අතර, ඊජිප්තු රාජ්‍යය සමඟ පවතින දිගුකාලින මිත්‍රත්වය සහ සහයෝගීතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙම අවස්ථාවේ සිහිපත් කරමින් එම පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළා.

ආරක්‍ෂක ක්‍ෂ්ත්‍රයේ සහයෝගීතාව වර්ධනය සඳහා තවදුරටත් මාර්ග ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයේම කැමැත්ත පළ කරමින් මෙම හමුව අවසන් වුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී ද, මෙම අවස්ථාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10