ඉහළ අහසේ දී බෝයිං ගුවන් යානයක හදිසි ගින්නක් (වීඩියෝ)

ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එහි එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

බෝයිං 767 යානයක එන්ජිමක් මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, යානය ඇට්ලන්ටා බලා යෑමට ගුවන් ගත වී ටික වෙලාවකට පසු මෙම ගිනි ගැනීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ අතර ගිනි නිවන භටයින් විසින්, ගොඩබැස්සූ යාන ධාවන පථයේදී තිබියදීම ගින්න නිවාදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?