ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර වස්විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ද සිදු වනවා.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීයි.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08