spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර වස්විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ද සිදු වනවා.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීයි.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?