ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නිලධාරීන් තේරීම උණුසුම් තත්වයක් නිසා නැවතී

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම්වරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති එම අවස්ථාවේ ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂයේ මහ සමුළුව ද අවලංගු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පක්‍ෂයේ 17 වැනි ජාතික සමුළුව වෙනුවෙන් මධ්‍යම කාරක සභාව ඊයේ (27) රැස්වී අදහස් දක්වා එම පක්ෂයේ නව විධායක කමිටුව තෝරා පත් කර ගෙන තිබෙනවා.

තෝරාගත් අයගේ නම් පසුව ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේදී පක්ෂයේ නව කළමනාකාරීත්වය තේරීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත් තීරණය පිළිගත නොහැකි බවයි පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා පසුගිය 21 වනදා තේරී පත් වුණා. ඉන් අනතුරුව අනෙකුත් තනතුරු සඳහා සාමාජිකයන් තෝරා ගැනීම සඳහායි ඊයේ ත්‍රිකුණාමලයේ හෝටලයකදී රැස්වීම පවත්වා ඇත්තේ.

මධ්‍යම කාරක සභාවේ උපදේශක කාරක සභාවට ෂන්මුගම් කුකදාසන්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ.ශිවඥානම්, මඩකලපු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ජී.සිරිනේසන් සහ කනකසබාපති තෝරාගෙන තිබෙනවා.

උප සභාපතිවරුන් ලෙස, ජනාධිපති නීතීඥ කේ.වී.තවරාසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, කලියරසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේන්ද්‍රන්, උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්, සම ලේකම්වරුන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති සිරිස්කන්දරාජා, රංජනී කනකරාජා, මඩකලපුව හිටපු ප්‍රධාන අමාත්‍ය සරවනභවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී සී සිවමෝහන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අයි.සනාකියන්, හිටපු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තේරී පත්කර ගැනුණා.

අනතුරුව මහා සභාව විසින් කැඳවන ලද මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ යෝජනා මහා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

විධායක කමිටුවේ මෙම තීරණය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති ඇතැම් මන්ත්‍රීවරුන් මහ සභාවේදී ජනමත විචාරණයක් පවත්වා එම තනතුරු සඳහා ඡන්දයක් පැවැත්විය යුතු බවටයි අවධාරණය කර ඇත්තේ.

මේ හේතුවන් විකල්ප සම්බන්ධයෙන් පවතින සාකච්ඡා හමුවේ අද පැවැත්වීමට නියමිතව තිබූ පක්‍ෂ සම්මේලනය කල් දමා ඇති අතර හෙට පාක්ෂ බලධාරීන් රැස්වී සාකච්ඡා කර නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47