AFC Banner
Empty Ad
Empty Ad

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) වවුනියාවේ දී පැවැති සකච්ඡාවකින් අනතුරුවයි.

එම අවස්ථාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම් පි. සත්‍යලිංගම් සහ පක්ෂයේ උප සභාපති සි.වි.කේ.ශිවඥානම් සහභාගි වී සිටියා.

ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ විවිධ මත පැවති අතර, පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් මීට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ තමන් දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
14
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?