ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනිට දරුණු තුවාල සිදුව ඇති බව රොයිටර්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.
යුද්ධය ආරම්භයේ දී ඔහුගේ පියාවන අයතුල්ලාහ් අලි කමේනිට මරු කැඳවූ ගුවන් ප්‍රහාරයට, මොජ්තබා කමේනිට ද ගොදුරු වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.
එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී ඔහු ද අයතුල්ලාහ් අලි කමේනි අසළ සිට ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණට සහ පාදවල ඇති වූ දරුණු තුවාල වලින් පසු තවමත් සුවය ලබමින් සිටින බව ඔහුගේ සමීප පුද්ගලයින් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.
මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණ විකෘති වී ඇති අතර ඔහුගේ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු තුවාල සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඔහු ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ හරහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ රැස්වීම්වලට සහභාගී වන අතර යුද්ධය සහ වොෂින්ටනය සමඟ සාකච්ඡා ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නිරතව සිටින බවට ද අදාළ සමීප පුද්ගලයින් තිදෙනා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.
කමේනි සිටින ස්ථානය තවමත් රහාසිගත්ව පවතින අතර, ඒ පිළිබඳව තවමත් කිසිදු පාර්ශ්වයකට තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිව නැහැ.













