ඉනිමක පරාජයකින් බේරීමට පාකිස්තානයට කඩුලු 03ක් – තරගයේ අවසන් දිනයත් අදයි

එංගලන්ත – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය මේ වනවිට (11) ආරම්භ වී තිබෙනවා.

ඊයේ (10) දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 152ක් ලබා සිටියා.

ඔවුන්ට ඉනිමක පරාජයකින් බේරීමට එක් දිනක් තුළ අවශ්‍ය ව තිබූ ලකුණු සංඛ්‍යාව 115ක්.

මේ වනවිට අවසන් දිනයේ පළමු භාගයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 207ක් ලබා සිටිනවා.

ඔවුන්ට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නම්; තවත් ලකුණු 60ක ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති.

ඊයේ දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුට හෝ සිය පළමු ඉනිමේ මෙන් සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැහැ.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු අතරට ඒමට හැකි වූයේ සල්මන් අගාට සහ ආමර් ජමාල් හට පමණයි.

අගා ලකුණු 63ක් ලබා සිටියදී අද දිනයේ 07 වැනි කඩුල්ල ලෙස ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියා.

ජමාල් නොදැවී ලකුණු 52ක් ලබා සිටින අතර 08 වැනි කඩුල්ලට ශහීන් ෂා අෆ්‍රිඩි කඩුල්ලේ රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී ජැක් ලීච්, බ්‍රයිඩන් කාර්ස් සහ ඇට්කින්සන් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක පහස හිමිවූයේ ක්‍රිස් වෝර්ක්ස්ටයි.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ එය ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සිය ඉනිමක් වෙනුවෙන් රැස් කළ සිව්වැනි වැඩිම ලකුණු බවට ද පත් කරගනිමින්.

එංගලන්තය ලකුණු 823ක් ලබා සිටියදී ඉනිම අත් හිටවූ අතර එහිදී අගනා ද්විත්ව ශතක දෙකක් සහ ත්‍රිත්ත්ව ශතකයක් ද වාර්තා වුණා.

ද්විත්ව ශතක ද්විත්වයටම හිමිකම් කියුවේ ජෝයි රූට් සමගින් හැරී බෘක්.

රූට් ලකුණු 262කට දැවී ගිය අතර බෘක් ලකුණු 317කට දැවී ගියේ සිය මංගල ද්විත්ව සහ ත්‍රිත්ත්ව ශතකවලට ද හිමිකම් කියමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?