AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන හිඟ වෙයිද… ? විදුලිය නැති වෙයිද …? : ගම්මන්පිල උත්තර දෙයි

ඉන්ධන මෙටි්‍රක් ටොන් 37,500 ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිඛෙනවා.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියාසිටියේ ඉන් මෙටි්‍රක් ටොන් 10,000 ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට තමන් උපදෙස් දුන් බවයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 08 කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවයි.

මෙම ඉන්ධන තොගය දින 08 කට පමණක් ප්‍රමාණවත් වන බැවින් එම කාලසීමාවෙන් පසු කුමන තත්වයක් නිර්මාණය වේ දැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කළා.
මෙහිදී ඔහු පැවසූයේ දින කිහිපයකට වරක් ඉන්ධන නැවක් පැමිනෙන බැවින් මෙය ගැටළුවක් නොවන බවයි.

එමෙන් ම මෙරට තුල ඇත්තේ ඉන්ධන ගැටලුවක් නොව විදේශ විනිමය ගැටලුවක් බව ඔහු මෙහිදී පවසා සිටියා.

එසේම විදුලිය කපා හැරීමක් කරන්නේ නම් කල් වේලා ඇතිව දැනුවත් කරන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?