ඉන්ධන සඟවාගෙන වැඩි මිලට විකිණු ඉන්ධන පිරවුම්හලක් වටලයි

ඉන්ධන තොග සගවාගෙන පාරිභෝගිකයින් නොමග යවමින් වැඩි මිලට එම ඉන්ධන අළෙවි කළ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසනවා.

විමර්ශන නිලධාරීන් එම ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ දී සාමාන්‍ය ඩීසල් ලීටර් 7000ක් සහ සුපර් ඩීසල් ලීටර් 23000ක් සන්තකයේ තබාගෙන ඩීසල් නොමැති බව පවසා පිරවුම්හලේම එක් පසෙක සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 28.50ක් වැඩි මිළට විකුණූ බව යි එම නිලධාරින් සඳහන් කරන්නේ.

මහජන පැමිණිල්ලක් මත ඊයේ (21) දහවල් මෙම වැටලීම සිදු කෙරී තිබෙනවා.

මෙම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවේ දී එහි පැමිණෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන අවසන් බව පවසා එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට අයත් වෙනත් ස්ථානයක දී වැඩි මිළට ඉන්ධන අළෙවි කරන බව පැමිණිල්ලේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?