ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු මිල සංශෝධනය කළ හැකි දැයි යන්න අද සලකා බලනවා – ගැමුණු විජේරත්න (වීඩියෝ)

සාම්ප්‍රාදයික මිල සූත්‍රය අනුව ඉදිරියටත් කටයුතු කිරීමට සිදු වන බවත්; සෙසු බස් සංගම්වල පාර්ශ්ව සමග සාකච්ඡා කර අද (01) හෝ හෙට (02) දිනයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද නොවන්නේ ද යන කාරණය පිළිබඳ ව මගී ජනතාව දැනුම්වත් කරන බවත් ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඊයේ (30) රාත්‍රියේ දී ඉන්ධන මිල පහත වැටීමත් සමග ජනතාව මීළඟට බලාපොරොත්තුවෙන් සිටින්නේ බස් ගාස්තු ද පහත බසිනු ඇති බවටයි.

නමුත් නව රජය යටතේ ද සිදු කරන්නේ සාම්ප්‍රදායික මිල සූත්‍රය ම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීම බවත් තමන් ඒ පිළිබඳ ව මාලිමා රජයට ස්තුතිය පළ කරන බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

මීට පෙර දිනකදී මහාචාර්‍ය රොහාන් සමරනායක මහතා පැවසූ පරිදි ‘රනිල් එලවා රනිල්ව ම පත් කරගැනීමක් සිදුව ඇති බව’ ද බස් සංගම් සභාපතිවරයා මෙහිදී කියා සිටි අතර; නව මිල සූත්‍රයක් හඳුන්වා දේ යැයි සිතුව ද එය එසේ සිදු නොවන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් පරණ මිල සූත්‍රයට අනුව බස් ගාස්තු අඩු කිරීමට තරම් සහනයක් බස් සංගම්වලට හිමි නොවුණ ද, ජනතාවට යම් සහනයක් ලබාදීමට හැකියාවක් පවතින්නේ ද යන කාරණය සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡා කෙරෙන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

ගෝලීය වශයෙන් බොරතෙල් සපයන රටවල්වල ද මේ වනවිට යුද වාතාවරණයක් පවතින බැවින් ඉදිරියේ දී බොරතෙල් බැරලයක මිල ද ඉහළ ගියහොත් බස් රථ ගාස්තු මිල ඉහළ දැමීමේ අවදානමක් ද උද්ගත ව පවතින බව ද මෙහිදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03