ඉන්ධන පිරවුම්හල්වල දුරකථන සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂාව සඳහා භාවිත කරන ස්මාර්ට් ෆෝන් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24 සහ 25 වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන QR කේත පරීක්ෂාවට භාවිත කරන ජංගම දුරකථනයක් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මෙම දුරකථන කොල්ලකෑම සඳහා යතුරුපැදියක් භාවිත කර ඇති බව සඳහන්.

ඔවුන් මහරගම, පිළියන්දල, කොට්ටාව, රාජගිරිය ඇතුළු ප්‍රදේශ 8ක මෙවැනි මංකොල්ලකෑම් සිදු කර ඇතැයි හෙළිවී තිබෙනවා.

එම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් 12කින් සැකකරුවන් ජංගම දුරකථන 12ක් කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයන් විවිධ යතුරුපැදි භාවිත කර මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඉන්ධන පිරවුම්හලක තිබූ CCTV දර්ශනවලින් සැකකරුවන් සිදුකළ මංකොල්ලය පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16