spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම්හල්වල දුරකථන සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂාව සඳහා භාවිත කරන ස්මාර්ට් ෆෝන් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24 සහ 25 වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන QR කේත පරීක්ෂාවට භාවිත කරන ජංගම දුරකථනයක් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මෙම දුරකථන කොල්ලකෑම සඳහා යතුරුපැදියක් භාවිත කර ඇති බව සඳහන්.

ඔවුන් මහරගම, පිළියන්දල, කොට්ටාව, රාජගිරිය ඇතුළු ප්‍රදේශ 8ක මෙවැනි මංකොල්ලකෑම් සිදු කර ඇතැයි හෙළිවී තිබෙනවා.

එම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් 12කින් සැකකරුවන් ජංගම දුරකථන 12ක් කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයන් විවිධ යතුරුපැදි භාවිත කර මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඉන්ධන පිරවුම්හලක තිබූ CCTV දර්ශනවලින් සැකකරුවන් සිදුකළ මංකොල්ලය පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?