අද ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
අදාළ නෞකාව අද මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එය ලබන 17 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි එහි සභාපති ශාන්ත සිල්වා කියා සිටියේ.
රෝහල්, ආරක්ෂක අංශ ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මේ වන විට ඩීසල් නිකුත් කරන අතර පෙට්‍රල් පමණක්
පිරවුම් හල් වෙත බෙදා හැරීම සිදු වෙයි. තවත් සතියක කාලය සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
35




