AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් – පාකිස්ථාන ක්‍රීඩකයෙකුට ආරක්ෂක නිලධාරීන් 04ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (14) පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගය වෙනුවෙන් ගුජරාට් පොලිසිය විසින් අහමදාබාද්හි ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 20,000ක් පමණ එම රාජකාරියට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තරගය පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ සහ නගරයේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ කණ්ඩායම්, සයිබර් අපරාධ කණ්ඩායම්, ක්ෂණික ප්‍රහාරක බලකා කණ්ඩායම් ද ස්ථාන ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියානු චෙටක් කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ද තරගයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර, එම සෑම කණ්ඩායමකටම වෙඩි නොවදින සන්නද්ධ වාහනයක් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

චේටක් කමාන්ඩෝ කණ්ඩායම් හතර ක්‍රීඩාංගණය වටා කලාප හතරක ස්ථාන ගතකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

අද (14) අලුයම සිට ක්‍රීඩාංගනයට පිවිසෙන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදවා ඇති අතර, වලංගු ප්‍රවේශපත්‍ර, අවසර පත්‍ර සහිත නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයින්ට පමණක් එම පොලිස් මාර්ග බාධකවලින් ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන, හිස් වැසුම් සහ ඖෂධ පමණක් රැගෙන යාමට අවසර ලබා දී ඇති අතර වෙනත් කිසිඳු උපකරණයක් හෝ ද්‍රව්‍යයක් ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට අවසර ලබාදෙන්නේ නැහැ.

මේ අතර පාකිස්තාන කණ්ඩායම් බස් රථයට ක්‍රීඩාංගනයට පැමිණීමේ දී හා පිටවීමේ දී ඊට විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇති අතර, සෑම පාකිස්තාන ක්‍රීඩකයෙකු සඳහාම අවම වශයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ ආරක්ෂාව ලබාදීමයි පියවර ගෙන ඇත්තේ.

අද තරගයේ දී ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව සම්පූර්ණයෙන්ම පිරි ඉතිරි යන බවට සංවිධායකයින් විශ්වාසය පළ කරන අතර, ප්‍රේක්ෂකයින් තවමත් ප්‍රවේශපත්‍ර සොයා ගැනීමට වෙහෙසෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරත් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
4
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?