ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් – පාකිස්ථාන ක්‍රීඩකයෙකුට ආරක්ෂක නිලධාරීන් 04ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (14) පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගය වෙනුවෙන් ගුජරාට් පොලිසිය විසින් අහමදාබාද්හි ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 20,000ක් පමණ එම රාජකාරියට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තරගය පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ සහ නගරයේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ කණ්ඩායම්, සයිබර් අපරාධ කණ්ඩායම්, ක්ෂණික ප්‍රහාරක බලකා කණ්ඩායම් ද ස්ථාන ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියානු චෙටක් කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ද තරගයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර, එම සෑම කණ්ඩායමකටම වෙඩි නොවදින සන්නද්ධ වාහනයක් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

චේටක් කමාන්ඩෝ කණ්ඩායම් හතර ක්‍රීඩාංගණය වටා කලාප හතරක ස්ථාන ගතකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

අද (14) අලුයම සිට ක්‍රීඩාංගනයට පිවිසෙන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදවා ඇති අතර, වලංගු ප්‍රවේශපත්‍ර, අවසර පත්‍ර සහිත නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයින්ට පමණක් එම පොලිස් මාර්ග බාධකවලින් ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන, හිස් වැසුම් සහ ඖෂධ පමණක් රැගෙන යාමට අවසර ලබා දී ඇති අතර වෙනත් කිසිඳු උපකරණයක් හෝ ද්‍රව්‍යයක් ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට අවසර ලබාදෙන්නේ නැහැ.

මේ අතර පාකිස්තාන කණ්ඩායම් බස් රථයට ක්‍රීඩාංගනයට පැමිණීමේ දී හා පිටවීමේ දී ඊට විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇති අතර, සෑම පාකිස්තාන ක්‍රීඩකයෙකු සඳහාම අවම වශයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ ආරක්ෂාව ලබාදීමයි පියවර ගෙන ඇත්තේ.

අද තරගයේ දී ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව සම්පූර්ණයෙන්ම පිරි ඉතිරි යන බවට සංවිධායකයින් විශ්වාසය පළ කරන අතර, ප්‍රේක්ෂකයින් තවමත් ප්‍රවේශපත්‍ර සොයා ගැනීමට වෙහෙසෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරත් වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39