AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ තවත් ප්‍රභූන් 08ක් දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (04) පෙරවරුවේ විදේශ අමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

අද උදෑසන 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට ( Indian Air Force ) අයත් අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් මෙම ප්‍රභූන් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ශ්‍රී ලංකා සිය එක්දින නිල සංචාරය නිමා කර අද සවස 06.00 ට පමණ යළි පිටත්ව යාමට නියමිතයි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?