ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැමිණීම හෙට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හෙට (23) දිනයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ අසල්වැසි රාජ්‍යන් පළමුව යන ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට පිළියම් යෙදීම සඳහා දියත් කරන සාගර් බන්දු මෙහෙයුමේ ඉදිරි කටයුතු සොයා බැලීම බවයි ඉන්දීය විදේශ කටයුතු අමාතයාංශය සඳහන් කරන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?