ඉන්දීය විදේශ ඇමති මැදපෙරදිග නිල සංචාරයක

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජසිම් අල් තානි අතර හමුවක් සිදු ව තිබෙනවා.

“දෝහා හි දී අගමැති හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූ අතර අගමැති මෝදි වෙනුවෙන් ඔහුට සහ එමීර්වරයාට සුබපැතුම් පළ කළෙමි. දේශපාලන ප්‍රශ්න, වෙළෙඳාම, ආයෝජන, බලශක්ති, තාක්ෂණය, සංස්කෘතිය සහ මිනිසුන් අතර ඇති සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් අපි අපගේ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළෙමු…” දෝහා සිට ආචාර්ය ජයශංකර් පැවසුවා.

ගාසා තීරයේ තත්ත්වය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ ව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

“ඉන්දියා – කටාර් සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අඛණ්ඩ සංවාදයන් සඳහා අපි බලාපොරොත්තු වෙමු,” ආචාර්ය ජයශංකර් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඇෆ්ගනිස්තානය සම්බන්ධ දෝහා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉන්දියාව ද සහභාගි වුණා.

සිය දෙවන ධුර කාලයේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිදු කරන තෙවැනි විදෙස් සංචාරය මෙය වනවා.

කටාර් සිට ආපසු පැමිණීමෙන් පසු, ෂැංහයි සහයෝගීතා සමුළුවේ දී ඉන්දියාව නියෝජනය කිරීම සඳහා ආචාර්ය ජයිශංකර් අස්තානා වෙත යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10