ඉන්දීය මුදල් ඇමතිවරිය සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුඅක් සිදුව තිබුණා.

මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගයකර ඇති අතර ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව සම්බන්ධ වීමෙන් මෙම ශක්තීන් ගොඩනැගීමේ වැදගත්කම සඳහන්කර තිබෙනවා.

එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව ද අවධාරණය කර තිබෙනවා.

එසේම 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිය ස්තූතිය පළකර සිටි අතර තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් පවසා තිබුණා.

තවද කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ අගය කළ විපක්ෂ නායකවරයා සාපේක්ෂ ස්ථාවරත්වය තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන බව ද ඔහු පවසා සිටියා.

විනිවිද පෙනෙන සහ විශ්වාසය පදනම් කරගත් සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහි දී එකඟ වුණා.

ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඉන්දියාවේ ආකෘතිය අනුගමනය කරමින් නවෝත්පාදන, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ පර්යේෂණ සහ ව්‍යාපාර අංශ සමඟ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීමේ වැදගත්කම ද ඔහු වැඩිදුරටත් අවධාරණයකර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය සහ දිගුකාලීන හවුල්කාරිත්වය මත ගොඩනගා ඇති ඉන්දියාව සමඟ සමීප ආර්ථික හා සංස්කෘතික සබඳතා සඳහා තම පක්ෂය වන සමගි ජන බලවේගය කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?