ඉන්දීය මුදල් ඇමතිවරිය සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුඅක් සිදුව තිබුණා.

මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගයකර ඇති අතර ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව සම්බන්ධ වීමෙන් මෙම ශක්තීන් ගොඩනැගීමේ වැදගත්කම සඳහන්කර තිබෙනවා.

එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව ද අවධාරණය කර තිබෙනවා.

එසේම 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිය ස්තූතිය පළකර සිටි අතර තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් පවසා තිබුණා.

තවද කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ අගය කළ විපක්ෂ නායකවරයා සාපේක්ෂ ස්ථාවරත්වය තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන බව ද ඔහු පවසා සිටියා.

විනිවිද පෙනෙන සහ විශ්වාසය පදනම් කරගත් සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහි දී එකඟ වුණා.

ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඉන්දියාවේ ආකෘතිය අනුගමනය කරමින් නවෝත්පාදන, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ පර්යේෂණ සහ ව්‍යාපාර අංශ සමඟ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීමේ වැදගත්කම ද ඔහු වැඩිදුරටත් අවධාරණයකර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය සහ දිගුකාලීන හවුල්කාරිත්වය මත ගොඩනගා ඇති ඉන්දියාව සමඟ සමීප ආර්ථික හා සංස්කෘතික සබඳතා සඳහා තම පක්ෂය වන සමගි ජන බලවේගය කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33