AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කරයි

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ලෙස සැලකෙන, ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව මාස දෙකක මැතිවරණ සටනක් සඳහා වේදිකාව සකසමින් අදියර 7ක් යටතේ මෙම මැතිවරණය පැවැත්වෙනු ඇති.

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ වන අතර අප්‍රේල් මස 26 වැනිදා දෙවන අදියර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි මස 07 වනදාත්, 04 වන අදියර මැයි මස 13 වනදාත්, 05 වන අදියර මැයි මස 20 වනදාත්, 06 වන අදියර මැයි මස 25 වනදාත්, 07 වන අදියර ජුනි මස 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් කිරීම ජුනි මස 04 වැනිදා සිදුකරන බව ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ලෝක් සභාව, ඉන්දියාවේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව වන අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය රාජ්‍ය සභාවයි.

ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සර්වජන ඡන්ද බලයෙන්වන අතර, ඔවුන් වසර පහක් හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් මත විසුරුවා හරින තෙක් ඔවුන්ගේ ආසනයට හිමිකම් ලබනවා.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන් කර ඇති සභාවේ උපරිම සාමාජික සංඛ්‍යාව 552ක් වන අතර,තෝරා පත් කර ගැනෙන ආසන සංඛ්‍යාව 543ක්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව තුන්වැනි වරටත් සිය බලය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙන් පුලුල් මැතිවරණ ව්‍යාපාරයක් දැනටමත් ආරම්භ කර අවසන්.

රජිව් ගාන්ධිගේ කෙංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය පවසන්නේ බී.ජේ.පී ආණ්ඩුව පෙරළා දමන බවයි.

මිලියන 970 කට ආසන්න ඡන්දදායකයන් හෙවත් එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ සහ රුසියාවේ සමස්ත ජනගහනයට වඩා, පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?