AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත් වූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට අද (26) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරග ඉන්දීය කාන්තා කණ්ඩායම ජයගත්තේ කඩුලු 10කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව බංග්ලාදේශ ඉනිම ලකුණු නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 80කට සීමා කරන්නට ඉන්දීය පන්දු බලඇණිය සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 81ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 11ක් තුළ කිසිවෙක් නොදැවී පසුකර ගියා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ස්මෘති මන්දනා අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (26) රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?