ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත් වූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට අද (26) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරග ඉන්දීය කාන්තා කණ්ඩායම ජයගත්තේ කඩුලු 10කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව බංග්ලාදේශ ඉනිම ලකුණු නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 80කට සීමා කරන්නට ඉන්දීය පන්දු බලඇණිය සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 81ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 11ක් තුළ කිසිවෙක් නොදැවී පසුකර ගියා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ස්මෘති මන්දනා අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (26) රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36