ඉන්දීය ක්‍රිකට් සභාපති, කෝලිට අවසන් පණිවුඩයත් යවයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි විසින් ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවසන් පණිවුඩය ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

“ඉන්දියාවට පමණක් නොව තමාටත් ලකුණු රැස් කළ යුතුයි” යනුවෙන් එහිදී ගංගුලි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

නිමා වූ අයි.පී.එල්. තරගාවලියෙන් පසු වයිට්බෝල් පැවරුම් හතරක් විවේක ගන්වා සිටි කෝලි, ඔහුගේ ආධිපත්‍යය යළි පැතිරීමේ අරමුණින් ආසියානු කුසලාන තරගාවලියට එක්ව සිටිනවා.

එවන් පසුබිමකයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි විසින් මෙම ඉන්දීය පිතිකරුවාට අවසන් පණිවුඩය මෙලෙස ලබා දී ඇත්තේ.

තම දක්ෂතා යළි පෙන්වීමට ආසියානු කුසලානය කෝලිට හොඳ අවස්ථාවක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ගංගුලි එහිදී පවසා තිබෙනවා.

මේ අතර 2019 වසරේ නොවැම්බර් මාසයෙන් පසු අද දක්වා කෝලිට කිසිඳු තරග ආකෘතියක ශතකයක් වාර්තා කිරීමට නොහැකිව ඇති අතර, එම කාලය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දින 1000ක් ඉක්මවා ගොස් තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම බොහෝ ප්‍රවීණයන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ කොලිට යළි දක්ෂතා අතරට පැමිණීමය නම් වැඩි කාලයක් ඔහුව විවේක ගැන්විය යුතුය යන්නයි.

මේ අතර විරාට් කෝලි ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් යන බවට පසුගියදා අසත්‍ය පුවතක් ද සමාජ මාධ්‍යයේ පළවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?