ඉන්දීය ක්‍රිකට් සභාපති, කෝලිට අවසන් පණිවුඩයත් යවයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි විසින් ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවසන් පණිවුඩය ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

“ඉන්දියාවට පමණක් නොව තමාටත් ලකුණු රැස් කළ යුතුයි” යනුවෙන් එහිදී ගංගුලි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

නිමා වූ අයි.පී.එල්. තරගාවලියෙන් පසු වයිට්බෝල් පැවරුම් හතරක් විවේක ගන්වා සිටි කෝලි, ඔහුගේ ආධිපත්‍යය යළි පැතිරීමේ අරමුණින් ආසියානු කුසලාන තරගාවලියට එක්ව සිටිනවා.

එවන් පසුබිමකයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි විසින් මෙම ඉන්දීය පිතිකරුවාට අවසන් පණිවුඩය මෙලෙස ලබා දී ඇත්තේ.

තම දක්ෂතා යළි පෙන්වීමට ආසියානු කුසලානය කෝලිට හොඳ අවස්ථාවක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ගංගුලි එහිදී පවසා තිබෙනවා.

මේ අතර 2019 වසරේ නොවැම්බර් මාසයෙන් පසු අද දක්වා කෝලිට කිසිඳු තරග ආකෘතියක ශතකයක් වාර්තා කිරීමට නොහැකිව ඇති අතර, එම කාලය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දින 1000ක් ඉක්මවා ගොස් තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම බොහෝ ප්‍රවීණයන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ කොලිට යළි දක්ෂතා අතරට පැමිණීමය නම් වැඩි කාලයක් ඔහුව විවේක ගැන්විය යුතුය යන්නයි.

මේ අතර විරාට් කෝලි ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් යන බවට පසුගියදා අසත්‍ය පුවතක් ද සමාජ මාධ්‍යයේ පළවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46