ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ගැන කෝලි කනස්සල්ලෙන් ද? (වීඩියෝ)

ඉන්දීය ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු තමන්ට කෙටි පණිවුඩයක් හෝ යොමු කළ එකම තැනැත්තා හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි පමණක් බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පවසනවා.

2022 ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කෝලි මේ බව සඳහන් කළා.

තවත් බොහෝ ක්‍රීඩකයන් සතුව තමාගේ දුරකථන අංකය තිබුණ ද, ඔවුන් කිසිවකුගෙන් ඒ මොහොතේ තමාට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොපැමිණි බව ද එහිදී ඔහු වැඩිදුරත් සඳහන් කර සිටියා.

අසාර්ථක වූ විටදී ‍නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම සඳහා දිරිමත් කිරීමට ඉදිරිපත් වූයේ කවුරුන්දැයි යනුවෙන් මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් ‍කෝලි සඳහන් කළේ මෙවැන්නක්.

“රූපවාහිණියට ඇවිත් අදහස් දක්වන අය නම් ගොඩක් ඉන්නවා. ඒත් මගේ දුරකථන අංකය තියෙන වෙන කිසිම කෙනෙකුගෙන් මට කෙටි පණිවුඩයක්වත් අවේ නෑ. අපි අතරෙ තියෙන සම්බන්ධය අව්‍යාජ නම් එහෙම වෙන්න බැහැනෙ. සම්බන්ධයක් අව්‍යජ නම් එකිනෙකා ආරක්ෂා කරගන්න ඕන. අපි අපිට අවංක වෙන්න ඕන. ඒත් මෙතනදි වෙන්නෙ වෙන දෙයක්, මට කියන් පුළුවන් එක දෙයයි. මට කෙනෙකුට දෙයක් කියන්න තියෙනවා නම් මම ඒක එයාට පෞද්ගලිකව කතා කරලා කියනවා. මොකද ප්‍රශ්නෙක දි කෙනෙකුට උදව් කරන්න අවශ්‍ය නම්, ඒකට අදාළ විසඳුම මුළු ලෝකෙටම ඇහෙන්න කියන එක තේරුමක් නැති වැඩක්. මට නම් එහෙම කියන දේවල්වල කිසිම වටිනාකමක් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29