AFC Banner
AFC Banner
Empty Ad

පුටිං හමුවෙන්න ඉන්දීය ලොක්කෙක් මොස්කව් වෙත

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ව්ලැඩ්මීර් පුටින් සමග ඉන්දියා – රුසියා අන්තර් රාජ්‍ය පරිපාලනය ගැන මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

එමෙන්ම රාජ්නාත් සිං; රුසියානු ආරක්ෂක අමාත්‍ය Andrei Belousov සමඟ හමුදා-තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ව මෙන් ම ඉන්දියාව – රුසියාව අතර අන්තර්-රාජ්‍ය කොමිසමේ සම සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද නි‍යමිතව තිබෙනවා.

රාජ්නාත් සිං ව ඊයේ (09) දිනයේ දී රුසියාවේ ඉන්දීය තානාපති විනේ කුමාර් සහ රුසියානු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෆොමින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

රාජ්නාත් සිං ඉන්දීය නාවික හමුදාවට අයත් රහසිගත යුද නෞකාවක් ක්‍රියාත්මක කිරීම දැක බලා ගැනීමට සහ හමුදා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඉන්දියා – රුසියා අන්තර්-රාජ්‍ය කොමිසමේ 21 වන රැස්වීමට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?