AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියා – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් දිග් ගැසෙයි

කැනඩාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තව දුරටත් තීවෘ කරමින් රටවල් දෙකම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් නෙරපා හැරීමට ඊයේ (14) දින තීරණය කළා.

ඒ, අනුව කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් නෙරපා හැරීමට කටයුතු කර තිබෙනවා.

කැනඩාවේ මෙම තීරණයත් සමඟ ලබන සෙනසුරාදා වන විට වහාම රටින් පිටවෙන ලෙස නවදිල්ලියේ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හයදෙනෙක්ට ඉන්දීය රජය දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය වසරේ සීක් බෙදුම්වාදී නායකයෙකු කැනඩාව තුළ දී ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වීම ආරම්භ වුණා.

එහිදී කැනඩා රජය චොදනා කළේ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිංග් නිජ්ජර්ගේ ඝාතනය ඉන්දියාව විසින් මෙහෙයවා සිදුකරන ලද්දක් බවයි.

ඊට කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා සම්බන්ධ බවත්, අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ද හඳුනාගෙන ඇති බව කැනඩා රජය පැවසුවා.

කෙසේ වෙතත් ඉන්දියාව මෙමචෝදනා ප්‍රතික්ෂේප කරමින්, සංජේ කුමාර් වර්මා ඉන්දියාව සතු ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු බවයි සඳහන් කළේ.

ජපානයේ සහ සුඩානයේ හිටපු තානාපතිවරයෙකු වන ඔවුන්ගේ නියෝජිත සංජේ කුමාර් වර්මා ගෞරවනීය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බව ද ඉන්දියාව පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?