ඉන්දියා – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් දිග් ගැසෙයි

කැනඩාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තව දුරටත් තීවෘ කරමින් රටවල් දෙකම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් නෙරපා හැරීමට ඊයේ (14) දින තීරණය කළා.

ඒ, අනුව කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් නෙරපා හැරීමට කටයුතු කර තිබෙනවා.

කැනඩාවේ මෙම තීරණයත් සමඟ ලබන සෙනසුරාදා වන විට වහාම රටින් පිටවෙන ලෙස නවදිල්ලියේ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හයදෙනෙක්ට ඉන්දීය රජය දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය වසරේ සීක් බෙදුම්වාදී නායකයෙකු කැනඩාව තුළ දී ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වීම ආරම්භ වුණා.

එහිදී කැනඩා රජය චොදනා කළේ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිංග් නිජ්ජර්ගේ ඝාතනය ඉන්දියාව විසින් මෙහෙයවා සිදුකරන ලද්දක් බවයි.

ඊට කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා සම්බන්ධ බවත්, අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ද හඳුනාගෙන ඇති බව කැනඩා රජය පැවසුවා.

කෙසේ වෙතත් ඉන්දියාව මෙමචෝදනා ප්‍රතික්ෂේප කරමින්, සංජේ කුමාර් වර්මා ඉන්දියාව සතු ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු බවයි සඳහන් කළේ.

ජපානයේ සහ සුඩානයේ හිටපු තානාපතිවරයෙකු වන ඔවුන්ගේ නියෝජිත සංජේ කුමාර් වර්මා ගෞරවනීය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බව ද ඉන්දියාව පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10