ඉන්දියාව UPI ඩිජිටල් ගෙවීම් ක්‍රමයෙන් දෛනික ගනුදෙනු බිලියනයක් දක්වා ඉහළ නංවා ගැනීමට සැරසෙයි

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් වේදිකාවක් වන UPI හරහා දිනකට ගනුදෙනු බිලියනයක් සඳහා පහසුකම් සැපයීමට හැකියාව ඇති බව ඉන්දීය සංචිත බැංකුව හෙවත් ඉන්දීය මහ බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 2023 ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුවත් කිරීමේ සතියේ එක් අංගයක් ලෙස ක්‍රියාත්මක “හර් ඩිජිටල් ගෙවීම්” ලෙස නම් කෙරුණු මෙහෙයුම දියත් කරමින්.

මෙම මෙහෙයුමේ පරමාර්ථය වන්නේ රටේ සෑම පුරවැසියෙකුම ගෙවීමේ ක්‍රමවේදයක් ලෙස ඩිජිටල් ගෙවීම් තෝරා ගැනීමට සැලැස්වීමයි.

සිංගප්පූරුව පසුගිය මස ඇරඹි PayNow ක්‍රමය හා සමානව යමින් තත්‍ය කාලීන පදනමින් සිදු කරන ගෙවීම් සඳහා තවත් රටවල් ඉන්දියාව සමග එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

දැනට UPI හරහා දිනකට සිදු කෙරෙන ගනුදෙනු සංඛ්‍යාව කෝටි 26ක් හෙවත් මිලියන 260ක් වුවද පද්ධතියට ගනුදෙනු කෝටි 100ක් හැසිරවීමේ හැකියාව පවතිනවා.

එබැවින් නව පාරිභෝගිකයින් UPI වේදිකාවට ඇතුළු කිරීමට මේ වන විටත් හැකියාව තිබෙන බවයි ඉන්දීය මහ බැංකු අධිපති දාස් සඳහන් කළේ.

ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය ගෙවීමේ ක්‍රමය ලෙස ඉස්මතු වී ඇත්තේ UPI ක්‍රමයයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම පුද්ගලයාගෙන් වෙළෙන්දාට සිදු කරන ගනුදෙනු සඳහා පුරෝගාමී වෙමින්, ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම්වලින් සියයට 75ක් නියෝජනය කරන්නේද UPI වේදිකාවයි.

“අපගේ UPI ගෙවීම් පද්ධතිය වෙනත් රටවල ගෙවීම් පද්ධති සමඟ සම්බන්ධ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. අපි සිංගප්පූරුව සමඟ සම්බන්ධ වීමත් සමඟ ඒ ගමන ආරම්භ කළා. මට විශ්වාසයි, ඉදිරි කාලයේ වෙනත් රටවල් මේ සමග සම්බන්ධ වෙයි කියලා” යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

2023 ජනවාරි මාසයේ දී බිලියන 8 කට අධික ගනුදෙනු සඳහා UPI පහසුකම් සලසන ලද අතර, එය සැලකෙන්නේ 2016 මෙම ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සටහන් වූ ඉහළම ගනුදෙනු අගය ලෙසයි.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ඉහළ ගොස් තිබුණද තවමත් මෙම ගනුදෙනු ක්‍රමය භාවිත නොකරන පිරිස ජනගහනයෙන් සැලකිය යුතු අගයක් ගන්නා බව ඉන්දීය සංචිත බැංකුව පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47