ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී නෞකා ගමන ඇරඹෙයි (ඡායාරූප)

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ වී තිබෙනවා.

එහි ආරම්භය සනිටුහන් කරමින් අද (16) පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පරීක්ෂක මගී නෞකාව පිළිගැනීම සිදු කරනු ලැබුවා.

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවය හරහා ඉන්දු ලංකා සබඳතා පුළුල් කර ගැනීමට නියමිත බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළා.

ඉන්දීය මගී නෞකාව අද උදෑසන මගීන් 100 දෙනෙකු සමඟ කන්කසන්තුරය වරාය වෙත පැමිණියා.

එම මගී නෞකාව පැමිණීමට සමගාමීව රුපියල් කෝටි 25ක වියදමින් සංවර්ධනය කළ කන්කසන්තුරය වරාය විවෘත කිරීම ද සිදු කෙරුණා.

ඉදිරියේදී මගී නෞකා සේවය සාමාන්‍ය ජනතාව වෙත විවෘත කිරීමට නියමිත අතර එක් අයෙකුට කිලෝ 100ක බරකින් යුතු භාණ්ඩ රැගෙන ඒමට හැකියාවක් පවතින බව සඳහන්.

සාමාන්‍ය ආගමන විගමන නීති යටතේ ලියාපදිංචියකින් අනතුරුව මගී නෞකාවෙන් චෙන්නායි දක්වා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
9
+1
3
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47