ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුමක් සඳහා වන ඊළඟ වටයේ සාකච්ඡා බ්‍රසල්ස් හිදී ඇරඹේ

සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම සඳහා වන ගැටළු පිළිබඳ මතභේද සමනය කිරීම සඳහා ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් 27 කින් යුත් යුරෝපීය සංගමය ඊයේ (06) බ්‍රසල්ස් හිදී යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන ඊළඟ වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාවල 14 වන වටය මෙය වනු ඇති.

වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් මෑතකදී දෙපාර්ශ්වය ඉක්මනින් ගිවිසුමට අත්සන් කරනු ඇතැයි බලාපොරොත්තුව පළ කර තිබුණා.

මෙම ගිවිසුම ද්විපාර්ශ්වික වාණිජ්‍යය සහ ආයෝජන ඉහළ නැංවීම අරමුණු කර තිබෙනවා.

දෙපාර්ශ්වයම දෙසැම්බර් වන විට සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කර ගෙන සිටිනවා

ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම් සාකච්ඡා මගින් භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, රජයේ ප්‍රසම්පාදනය, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, භූගෝලීය ඇඟවීම් සහ තිරසාර සංවර්ධනය ඇතුළු ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 23ක් ආවරණය කෙරෙනවා.

2024-25 දී යුරෝපා සංගමය සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳාම ඩොලර් බිලියන 136.53 ක් වුණා.

ඉන්දීය භාණ්ඩ සඳහා විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ යුරෝපා සංගමයයි.

යුරෝපා වෙළඳපොළ ඉන්දියාවේ මුළු අපනයනවලින් සියයට 17 ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?