ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුමක් සඳහා වන ඊළඟ වටයේ සාකච්ඡා බ්‍රසල්ස් හිදී ඇරඹේ

සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම සඳහා වන ගැටළු පිළිබඳ මතභේද සමනය කිරීම සඳහා ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් 27 කින් යුත් යුරෝපීය සංගමය ඊයේ (06) බ්‍රසල්ස් හිදී යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන ඊළඟ වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාවල 14 වන වටය මෙය වනු ඇති.

වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් මෑතකදී දෙපාර්ශ්වය ඉක්මනින් ගිවිසුමට අත්සන් කරනු ඇතැයි බලාපොරොත්තුව පළ කර තිබුණා.

මෙම ගිවිසුම ද්විපාර්ශ්වික වාණිජ්‍යය සහ ආයෝජන ඉහළ නැංවීම අරමුණු කර තිබෙනවා.

දෙපාර්ශ්වයම දෙසැම්බර් වන විට සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කර ගෙන සිටිනවා

ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම් සාකච්ඡා මගින් භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, රජයේ ප්‍රසම්පාදනය, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, භූගෝලීය ඇඟවීම් සහ තිරසාර සංවර්ධනය ඇතුළු ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 23ක් ආවරණය කෙරෙනවා.

2024-25 දී යුරෝපා සංගමය සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳාම ඩොලර් බිලියන 136.53 ක් වුණා.

ඉන්දීය භාණ්ඩ සඳහා විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ යුරෝපා සංගමයයි.

යුරෝපා වෙළඳපොළ ඉන්දියාවේ මුළු අපනයනවලින් සියයට 17 ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21