ඉන්දියාව සමඟ වැඩ කිරීමට චීනය සූදානම්

ඉන්දීය රජය සමග වැඩ කිරීමට තම රට සූදානමින් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් චීනයේ සිදු කළ සංචාරයේ දී චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

දෙරටේ නායකයින් අතර ඇති වැදගත් පොදු අවබෝධය ක්‍රියාවට නැංවීමට සහ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දෙපාර්ශ්වය ම සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අවශ්‍යතාවලට ගරු කිරීමේ අවශ්‍යතාව, සංවාදය සහ සන්නිවේදනය තුළින් අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, අවංකභාවයෙන් සහ යහපත් විශ්වාසයකින් වෙනස්කම් නිසි ලෙස විසඳා ගැනීමේ අවශ්‍යතාව ද බීජිං විසින් මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

දෙරට අතර විශ්වාසය යළි ගොඩනැංවීම පිළිබඳව මාධ්‍ය හමුවක දී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ, “චීනයේ සහ ඉන්දියාවේ නායකයන් අතර ඇති වැදගත් පොදු අවබෝධය ක්‍රියාත්මක කිරීමටත්, එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කිරීමටත් ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවයි.”

ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර විශේෂ හමුවක් ඊයේ (19) බීජිං හි පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේදී චීන – ඉන්දියා දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වනවා.

2019 දෙසැම්බර් මාසයෙන් පසු මෙවැනි ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?